වින්ඩොස් විස්ටා , සවන්, එක්ස් පී ප්‍රින්ටර් ‍ෂේයාරින් ගැටළු

ළගකදී මුහුණදෙන්න වුනු ගැටලුවකට ගත්ත පියවර කිහිපයක් අනිත් අයටත් එක්ක දැනගන්න සටහන් කලොත් හොදයි කියලා මට හිතුනා... මේන්න මේකයි ගැටළුව

වින්ඩොස් එක්ස් පී සහිත පරිගණකයකට ප්‍රින්ටරයක් සම්බන්ධ කරලා තියනවා, මේ ප්‍රින්ටර් එක ෂේයාර් කරලා තියෙන්නේ අනික් මැෂින් එක්ක පාවිච්චි කරන්න, නමුත් වින්ඩොස් විස්ටා හා ‍සෙවන් භාවිතා කරන පරිගණක දෙකකට අර එක්ස්පී මැෂින් එ‍කට සම්බන්ධ කරලා තියෙන ප්‍රින්ටර් එක හාවිතා කිරීමට නොහැකි වෙන ලෙස  නොයෙකුත් එරර් මැසේජස් ලැබෙනවා (Cannot Connect to the Printer xxx, Spooler Service not Running etc,)


මේතනදී ඇත්තටම වෙලා තිබුනේ පරිගණකයට ඉන්ස්ටොල් කරලා තිබුන ප්‍රින්ටර් ඩ්‍රයිවර්ස් වල නොගැලපීමේ ගැටළුවක්, මොකද එක්ස් පී තියෙන මැෂින් එකේ ඩ්‍රයිවර්ස් අනික් අළුත් ඔපරේටින් සිස්ටම් සහිත පරිගණක වලට නොගැලපීම. මේකට පහසුම පිළිතුර වුනේ අනික් පරිගණක දෙකටම අළුතින් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීම(ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන - ප්‍රින්ටරය සමග ලැබෙන සීඩී තැටියේ බොහෝ විට මෙම අළුත් ඩ්‍රයිවර්ස් අන්තර්ගතය) ඊට පස්සේ නැවතත් ප්‍රින්ටර් එක මේ මැෂින් දෙකටම ඇඩ් කරන්න සිද්ද වුනා මේක මට නම් සාර්ථක ප්‍රතිපල ලැබුන ක්‍රමයක් ඔයාලටත් මෙවැනි ගැටළුවක් ආවොත් උත්සහ කරලා බලන්න මොනව හරි අවුලක් නම් කමෙන්ට් එකක් දාන්න අපි උදව් කරන්නම්.... 

No comments: