වින්ඩොව්ස් 7 "Earlier Version Of Windows” ඉවත් කිරීම!

කාලයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ටිකක් විතර කල් යනවා, මම මෙහෙම කියන්නේ මේ ටිකේම වැදගත් කියලා වීශේෂ දෙයක් බ්ලොග් එකේ එල්ල ගන්න බැරිවුනා වැඩ නිසාම. ඒත් මේ ළගදී මට මුහුන දෙන්න වුනු ගැටළුවකට ලබාගත්ත විසඳුම කට්ටියත් එක්ක බේදාගන්න ඕන කියලා හිතුන නිසා මේ වෙලාවේ හරි මේක ලියනවා....

ගොඩාක් පරිගණක වල අදවෙන කොට ඕ.එස් දෙකක් 3ක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒ වගේම අපි හැමෝම වා‍ගේ දැන් වින්ඩොව්ස් 7 භාවිතා කරනවා, අපි වින්ඩෝස් 7 එක්ක තවත් ඕ.එස් එකක් භාවිතා කරනකොට සිස්ටම් ස්ටාර්ට්අප් එකේදීම අපෙන් අහනවා මොන ඕ.එස් එකෙන්ද බූට් වෙන්න ඕනේ කියලා මේතනදී අපිට අවශ්‍ය ඕ.එස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එත් කවද හරි අපි පරණ ඕ.එස් එක ඉවත් කලත් (බොහෝ විට) සිස්ටම් ස්ටාර්ට්අප් එකේදී අපෙන් අහනවා "Earlier Version Of Windows” එහෙම නැත්නම් Windows 7 ද කියලා,  මෙන්න මේක තමයි අවුල, මේකට කරන්න පුළුවන් එක විසදුමක් තමයි, මේ කියන්න හදන්නේ, 
01.  Windows 7  වලින් කම්පුයුටරය ඕන් කරලා කමාන්ඩ් ප්‍රොම්ට් වලට ගිහින් පහත සදහන් කමාන්ඩ් ලබාදෙන්න... (Start > Type "CMD" on search bar or Start > All Programs > Accessories > Command prompt)

02. මේ කමාන්ඩ් ටයිප් කරද්දි අනිවාර්යෙන්ම ඇඩ්මින් රයිට්ස් තියෙන Account එකක් භාවිතා කරන්න. 

03. කමාන්ඩ් වින්ඩෝ එකේ bcdedit” කියලා ටයිප් කරලා එන්ටර් කරන්න (as Administrator)

04. දැන් වින්ඩෝස් බූට් මැනේජර් වල රෙජිස්ටර් වෙලා තියෙන ඕ.එස් ලිස්ට් එක දකින්න පුළුවන්. මෙතනින් අපි අදාල නොවන ‍ලිස්ට් එක අයින් කරන්න ඔන ඒ සදහා පහත ආකාරයට විධානයන් ලබා දෙන්න, 
05. bcdedit /delete {ntldr} /f එන්ටර් කරන්න, එවිට මේ විදිහේ මැසේජ් එකක් දිස් වේවි “The operation completed successfully” දැන් මැෂින් එක restart කරන්න, 

සැ.යු, මට ඇති වු ගැටළුව සාර්ථකව විසදා ගැනීමට මෙමගින් හැකි විය, වෙන යම් ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් විදිහට එල්ලන්න


No comments: