පන්හිඳෙන් ඉල්ලාගෙන ලියමි.....1


පපුවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන හඩ අහල පහල උන්ට ඇසෙයිදෝ  බියෙන් දෑත් බැඳගත්තෙමි, පාරක් තොටක් නැති වනයක අතරමං වු බවක් මට දැනෙන්නට විය, කෙසේ හෝ මේ දෙය අදම... ඔව්... මේ දැන්ම ඇයට කියන්නට සිත තුල දැඩි ආශාවක් හා උනන්දුවක් විය. නමුත් සියළුදේ පරයා නැගෙන  බිය කෙසේවත් පැරදවිය නොහැකි විය. ජීවිතයේ පලමුවරට පරාජය භාරගන්නට සැරසෙන සෙයක්  දැනෙන්නට විය, කෙමෙන් කෙමෙන් ගෙවී යන කාලය වෙනදට නැති හදිස්සියකින් දිව යන්නාසේය... ඈතින් පියාඹාගෙන යන සියොත් රංචුවක් මා සිටින බව දැන දැනම මාගෙන් බොහෝ ඈත්වී පියාසර කරන බව වුන්ට නොතේරුණද මට වැටහුනි.... පාරදිගේ ගමන් ගන්නවුන් වෙනදට වැඩිය බොහොමත්ම උවමනාවෙන් මා දෙස බලන ආකාරයක්  මගේ සිත තව තවත් අපහසුතාවයට පත්කලේය... කෝ මේ මගේ ලග හිටපු එකා. ඒකත් මගෙන් ඈත්වෙලා රාජකාරියේ නිරතවෙන ගමන්ය... කරකියා ගන්නට දෙයක් නොමැති කල මගේ ඇස් මටත් හොරෙන් ප්‍රතික්‍රියා දක්වන බව මට හැඟුනි, කේසේ වත් ඒ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රථිපල අන් අයට නොපෙනෙන්න මම වගබලා ගතිමි, ගතවූයේ තවත් නිමේෂයකි....ට්‍රීං...ට්‍රීං .....ට්‍රීං ......... ඉන්ටර්වල් ඉවරයි... ළමයිගේ කෑගිහිල්ලෙන් නැවතත් පියවි ලෝකයට ආවෙමි... මොකද බං උඹ කරන්නේ හැමදාමත් ඔහොමමයි... දැන් ඉතින් වරෙන් පංතියට යමු... ඒ මගේ කල්‍යාන මිත්‍රයාය...මං වෙනුවෙන් ගුරුමණ්ඩලයම භාරගත් එකම රණවිරුවාය... හෙටද ඔහුගේ රාජකාරිය අකුරටම කරන්නට ඔහු පොරොන්දු විය... තවත් උත්සාහයක් මෙලෙස ව්‍යර්ථ විය....

No comments: