සිංහල අවුරුදු චාරිත්‍ර

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ධ දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 12වෙනි සිකුරාදා අපර භාග 7.20ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය 

අප්‍රේල් මස 13වෙනි සිකුරාදා අපර  භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්වභාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාල 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින අපර භාග 7.20 සිට 14 වන සෙනසුරාදා දින පුර්ව භාග 01.44 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි  ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම.

අප්‍රේල් මස 13 වෙනි සිකුරාදා අපර භාග 7.42 ට සුදු මීශු ලා නිල් වස්ත්‍ර යෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද, ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලිද පිළියෙල කරගැනීම මැනවි

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වෙනි සිකුරාද අපරභාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රෙයන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15වෙනි ඉරිදා පුර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඇඹුල් පත්ද පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නනු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16වෙනි සදුදා පුර්ව භාග 6.22 ට පලාවන් පැහැති වස්ත්‍රයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කොට බටහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16 වෙනි සදුදා පුර්ව භාග 6.31 ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක් අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වී යෑම මැනවි.

1 comment:

Anonymous said...

මේ දවස් වල ලියන්න 2013 සිංහල අවුරුදු චාරිත්‍ර, හොයා ගන්න නෑ නෙට් එකේ. පිට රටවල ඉන්න අයට වටිනවා.