අද ලොවට සරිලන හදුන්වාදීම් - ගූගල් ඩ්‍රයිව්!

ගුගල් සමාගමේ තවත් එක් වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස ගුගල් ඩ්‍රයිව් හදුන්වන්න පුළුවන්, පසු ගිය දිනක අන්තර්ජාලය හරහා ලැබුණු නිව්ස් එකකට අනුව මාද මේ සදහා රික්වෙස්ට් එකක් දැම්මා, දවස් දෙකක් ඇතුලත ඔබේ ගිණුමට ගුගල් ඩ්‍රයිව් සම්බන්ධ කලා යැයි ඊ මේල් එකකින්ම දාලා තිබුණා. ඉතින් මමත් ලොග් වෙලා බැලුවා කොහොමද මේ ගුගල් ඩ්‍රයිව් වැඩ කාරයෙක්ද කියලා, ඇත්තටම නරක නැහැ අපි කලින් භාවිතා කල ගුගල් ඩොක්ස් සංස්කරණයේම වැඩි දියුණු කල අවස්ථාවක් විදියටයි මම නම් මේක දකින්නේ, අපේ ඊ මේල් ගිනුම හරහාම මේ සදහා සම්බන්ධ විය හැක, විශේෂ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත.. ගුගල් ඩ්‍රයිව් සමග වැඩ කරන්න බලාගෙන ඉන්න අය පහත ලින්ක් එක ක්ලික් කරලා සම්බන්ධ වෙන්න..
https://drive.google.com/start?authuser=0#home

මෙහිදී අපිට නොමිලයේම ගිගා බයිට් 5 ක ධාරිතාවයක් ලැබෙනවා මීට වැඩිය ධාරිතාවයක් අවශ්‍ය නම් ඒ සදහා මාසිකව මුදලක් ගෙවා අපිට ඒ ඉඩ වෙන් කරවා ගැනීමට පුළුවන. ඒත් එක්කම අපේ ජී මේල් ගිණුමේ ධාරිතාවද වැඩි වන බව සදහන් වෙනවා. වැඩි විස්තර මේන්න මේ ලින්ක් එකෙන් බලාගන්න https://www.google.com/settings/storage/?hl=en

ගූගල් ඩ්‍රයිව් තුලදී අපිට අවශ්‍ය ආකාරයට ෆයිල්ස් ෆොල්ඩර්ස් මැනේජ් කරගන්න පුළුවන් වීම තවත් එක් වාසියක්.. සඳහන් වෙන ආකාරයට මේකත් ඔය ක්ලව්ඩ් ස්ටෝරේජ් යටතටලු වැටෙන්නේ ක්ලව්ඩ් ගැන වැඩිපුර තොරතුරු විකිපීඩියාවේ තියෙනවා හොයලා බලන්න...

මේ විතරක්ම නෙමෙයි ගූගල් ඩ්‍රයිව් වලට විවිධ අකාරයේ ෆයිල් වර්ග 30ක් පමණ හදුනාගෙන වැඩ කිරීමේ හැකියාව තියනවා.. මේ නිසා ඒ ඒ වැඩසටහන් පරිගණයේ ස්ථාපිත කර තිබීම අනිවාර්ය නොවේ. තවත් විවිධ වු විශේෂාංග රාශියක් ගූගල් ඩ්‍රයිව් තුල අන්තර්ගත වෙනවා...වැඩි විස්තර දැන ගැනීම සදහා මේ ලින්ක් එක භාවිතා කරන්න (ගූගල් ඩ්‍රයිව්)

1 comment:

Amila Chathuranga said...

හරි සෝක් මරු ඇති නේ....