තව කෙනෙකුට ඔබේ හැඟීම් අවබෝධ කරලීමට තරම් ඔබ දක්ෂයෙක්ද?

මූණු පොත සමහරෙක්ට නම් මහ කරදරයක් ඒත් තවකෙක්ට නවාතැන් පොලක්, ඔය දෙකටම නැති අයද ඕනෑ තරම් ඇත, ඉතින් මමද ඔය අතර හිරවී ඇති තවකෙක්මි, නමුදු කාලයකාදමාගැනීමට ෆේස් බුක් රිංගන්නේද නැත, ඔන්න ඔය වගේ යන එන වෙලාවට දකින වැදගත් යැයි හැගෙන සියළු දේ එකතු කර තබා ගැනීමට සහජ හැකියාවක් මා සතුය එබැවින් අදද මාගේ සිත් ගත් විශේෂිත කෙටි චිත්‍ර පටියක් (චීත්ත පටියක් නොවන බව සලකන්න) වෝල් එකේ එල්ලා තිබෙනු මම දිටිමි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ මම අමු අමුවේම එය මාගේ දත්ත ගබඩාව තුලට බා ගත්තෙමි, දැන් කරන්නේ ඒක වෝල් එකේ දාපු එකාගේ ඔක්කටම පිං දෙන ගමන් මගේ බ්ලොගයට ඉදලා හිටලා හරි එන එකෙක්ට බලන්න මේක මගේ බ්ලොගයේ එල්ලලා දාන්න, ඔන්න එහෙනම් ඔයාලම බලලා හොඳ නරක කියන්නකෝ... (ඔව් කතාව සම්පුර්ණයෙන්ම සිංහලෙන් යන්නේ ඒ නිසා ශීර්ෂපාඨ අවශ්‍ය වෙන එකක් නැහැ)


කතා කිරීමේ හැකියාව මෙන්ම එකිනෙකා අතර අන්තර්සම්බන්ධතා ඇතිකරලීමට හැකි පරිදි ඔබ කතාකරන විලාශය සහ යොදාගන්නා උපක්‍රම වැඩිදියුණු කරගැනීම තුල ඔබ සමාජයේ අනිකුන් අභිබවා ඉදිරියට යන බවක් ඔබවට දැනේවී....

කොමියුනි‍කේෂන් සම්බන්ධව වැදගත් විස්තරයක් ඊළග පෝස්ටුවට එක් කරන්නට හිතාගෙන සිටිමි....



No comments: