Iphone 3G Green Screen Solved (ඇපල් 3G ග්‍රීන් ස්ක්‍රීන් එකට විසඳුමක්)

ඇපල් 3ජී phone එක දවස් කිහිපයකින් පාවිච්චි කලේ නැහැ. හැබැයි හරියට චාර්ජ් කරන්නත් බැරි වුනා, වෙන දෙයක් නිසා නෙමෙයි චාර්ජින් කේබල් එක අවුල් වෙලා. දවස් 3කට විතර පස්සේ වෙන කේබල් එකක් අරගෙන වෝල් චාර්ජර් එකට කනෙක්ට් කරා (මේ වෙනකොට ෆෝන් එකේ බැටරිනම් 0% වගේ තිබුනේ) බ්ලැක් ස්ක්‍රීන් එකේ පැයක් විතර තිබුනා කිසිම දෙයක් වුනේ නැති ගානට, පැයක් දෙකක් චාර්ජ් වුනාට පස්සේ ෆෝන් එක ඔන් කරන්න බැලුවා හැබැයි වැඩේ සාර්තක වුනේ නැහැ, ඔන් කරන හැම වෙලාවෙම කොලපාට ස්ක්‍රීන් එකක් ලැබෙනවා එතනින් එහාට කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ නැවතත් චාජර් එකට කනෙක්ට් කරලා පැය 3ක් 4ක් තිබ්බා ඒත් කිසිම දෙයක් වුනේ නැහැ. අර විදිහටම කොලපාට ස්ක්‍රීන් එකට ඇවිත් නතර වෙන්න ගත්තා...

මම මුලින් හිතුවේ බැටරි වල ධාරිතාවය මදිකම නිසා මේ වගේ දෙයක් වෙනවා ඇති කියලා ඒත් ෆෝන් එක වෝල් චාජර් එකට කනෙට් කරලත් මේ දේ සිද්ධ වුන නිසා ෆෝන් එක රීස්ටාර්ට් කලා කිහිප වතාවක්ම. ඒත් නතර වුනේ කොලපාට තිරයට ඇවිත්
(ස්ලීප්(Sleep) බට්න් එක සහ හෝම් (home) බට්න් එක එකවර තත්පර කිහිපයක් (10-15) press කරලා ෆෝන් එක ඕෆ් off වුනාම නැවතත් ඔන් කරන්න)

අන්තිටම ෆෝන් එක කනෙක්ට් කරගත්තා පරිගණකයට , විනාඩි කිහිපයකට පසුව නැවතත් ෆෝන් එක ඔන් කලා කිසිම වෙනසක් නැතුව කොලපාට තිරය ලැබුනා.. තවත් විනාඩි කිහිපයකින් නැවත වතාවක් උත්සහ කරා (Restart) ඒ වෙලාවෙනම් නොර්මල් විදියට ඇපල් ලෝගෝ එකත් එකක් ෆෝන් එක ඔන් වූනා.. ඔන්න ඔය විදිහට තමයි GREEN SCREEN එකෙන් ෆෝන් එක ගොඩ ගන්න පුළුවන් වුනේ.. බලන්න සමහර විට ඔයාලටත් ප්‍රෙයෝජනවත් වෙයි මේ ලිපිය...

No comments: