මේ ජීවිතය අපේමද ? (18+)




බ්ලොග් එකේ නම  :ජීවිතය අතින් ගෙන : කියලා දැම්මට ජීවිතය සම්බන්ධව කිසිම ලිපියක් පල කරන්න තවම බැරි වුනා, ඒකයි හිතුවේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතාකරන්න ඕනේ කියලා. මේක මේ මට වෙච්චි දෙයක් එහෙම නෙවෙයි හොදද? 

ඇත්තටම අපි පුංචි අවධියේදි ඔය අහසේ දකින එක එක පාට පාට තරු වලට කොච්චරනම් ආදරේ කලාද?

 (ලොකු වෙන කොට ඉතිං අල්ලන්න පුළුවන් දුරක ඉන්න තරු දිහානේ බැලුවේ නේද?) ඒත් අපි කවදාවත් හිතුවද මේච්චර ලස්සන තරු කවදහරි දවසක අපේ ජීවිත වලට තරුපෙන්නාවි කියලා, මෙහෙම කිව්වට මම මේ කතාකරන්නේ ග්‍රහලෝක වල බලපෑම හා අපේ ජීවිතය සම්බන්ධව තේරුණාද? කව්රු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයා කවද හරි කසාද බඳිනවනම් බඳින්නේ කේන්දරේ ඉන්න ග්‍රහයෝ කියන කෙනාවද එහෙමත් නැත්නම් ඔයා ඇත්තටම ආදරේ කරන කෙනාවද කියලා ඔයා ලා මොකක්ද දෙන උත්තරේ ( මම නම් මම ආදරේ කරන කෙනාව කියලා බය නැතිවම කියනවා ) අපි හැමෝම දන්නවා (ආදරේ කරපු , කරන ,හොයන) මොකක්ද ඔය ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ කියලා, ඒත් මේ ග්‍රහලෝක ඔළුව උඩ තියාගෙන මේ ග්‍රහලෝක තමයි අපේ ජීවිත පාලනය කරන්නේ කියලා අපිට ඕන විදිහට නෙවෙයි අපි ග්‍රහලෝක (කේන්දරේ ඉන්න උන් ටික) වලට ඕන විදිහට තමයි ජීවත් වෙන්න ඕන කියලා හිතන පිරිසක් අපි අතරේ ඉන්නවා, මම මෙහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මු මේ මොනවද කතා කරන්නේ මුට පිස්සුද?  නමුත් තමන්ගේ හිතට අවංකව හිතලා බැලුවොත් තමන්ටම තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ කෙන්දරේ ඉන්න ග්‍රහයෝ අපිට මොකක්ද කරන්නේ කියන දේ.... 

මගේ යාළුවෙකුටත් මැතකදී මෙවැනි අපිට නොපෙනෙන ග්‍රහයෝ ටිකක් නිසා ලොකු ප්‍රශ්ණ ගොඩකට මුණදෙන්න සිද්ද වුනා. එයා ආදරේ කරන ගෑණු ළමයාව එයාට ලබා ගන්න බැරිවුනා, තිබුණ එකම  හේතුව වුනේ, කේන්දරේ හිටපු ග්‍රහයෝ ටික සෙට්වෙලා කෙල්ලට මරණ තර්ජනයක් ගෙනාව එක :උඹ ඒ කොල්ලව කසාද  බැඳ ගත්තොත් අපි උඹව මරණවා! මෙහෙම කිව්වම කවුද බය නැත්තේ නේද? කෙල්ලගේ දෙමව්පියෝ හොදටම බය වෙලා කෙල්ලට නූල් හත අටකුත් බැඳලා බෝධි පුජා දහයක් දොළහක් කරලා, කොල්ලගේ හෙවනැල්ලත් වදින්නේ නැතිවෙන්න කෙල්ලව ග‍මෙනුත් පිටමන්  ‍කොලා, මේ වෙලාවේ බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවනම් මීට වැඩිය සාධාරණ තිරණයක් දෙමව්පියෝ විදිහට එයාලට ගන්න තිබුනා.. නමුත් සිද්ධ වුනේ නොහිතපු දෙයක් .. කාටවත් නවත්වන්න බැහැ කියන ආදරේ කේන්දරේ ඉන්න ග්‍රහ අයියලා ටික සෙට් වෙලා නතර කලා.. මේ සිද්ධියෙන් මගේ යාළුවා හොදටම දුක් වුනා, දුකේ තරම කියනවනම් මිනිහා ග්‍රහලෝකාගාරයටත් වෛර කරන්න පටන් ගත්තා,රැට වැරදිලාවත් උඩ බලන්නේ නැතිව හිටියා, මේ වගේ නොයෙකුත්(විහිළුද අන්තර්ගතය) දෙවල් කලා , ඒත් දැන්නම් එයා ජීවිතය තේරුම් අරගෙන ජීවත් වෙනවා, 

නමුත් මම මේ දන්න සිංහලෙන් කියන්න උත්සහ කලේ ඇත්තටම මොළයක් තියෙන මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ත්ව කොටසක් විදිහට(හිතාගෙන ඉන්න) අපිට නොපෙනෙන බලවේග, ග්‍රහලෝක, හා අදෘශ්‍යමාන ජීවීන්ගේ මග පෙන්වීම හා ඔවුනට අවශ්‍ය පරිදි සංස්කරණය කර ලබා දෙන ජීවිත තුල අපේ විවෘත මනස වහගෙන උන්ගේ සැලසුමු සහගත අපේ අවසානය කරා ළගා වෙනවාද ?එසේත් නොමැති නම් අපේ ජීවිත අපේ ක්‍රමයට අපිට ඕන විදිහට සැලසුම් කරනවාද ? කියන එක මේ ලිපිය කියවන ඔබට භාරයි!
(මතු සම්බන්ධයි!)

7 comments:

Anonymous said...

ග්‍රහයො හන්ද ජීවිත අනාගත්තු අය කොච්චර ඉන්නවද අයියා.... දැන් TV වලත් වැඩිහරියක් ග්‍රහයො මත්තෙ නැහෙන්න කියල දෙනව විතරනෙ...... ජීවිතෙ අපේ බව අමතක කරවනවා...

MS

Missaka said...

අහක ඉන්න ග්‍රහයෝ රෙද්ද අස්සේ දාගෙන දනවෝ දනවෝ කියන අයගේ වැඩ තමයි ඔය.

Ashan said...

ඒක ඇත්ත ජීවිතේ ග්‍රහයන්ට ඕන විදිහට ගෙනියන්න දෙන එක නම් හරිම භයානකයි ......

Ashan said...

මිස්සක@ ඇත්ත මචං, හේතුව තමයි වැරදුනාම වරද පටවන්න දේයක් තියෙන්නත් එපැයි නේද?...හි ....හි

sansarasidu said...

අශාන් අයියා..,
මං ඔයාගේ අඩවියට පිවිසුනේ අහම්බෙන්....
නිකමට වගෙයි ඔයාගේ “මේ ජීවිතය අපේම ද ?“ කියවන්න ගත්තේ...
ඒත්...කියවගෙන යත්දි... අර ඔයාගේ යාලුවගේ කතාව ගැන කියවද්දි මං මොහොතකට වික්ෂිප්ත වුණා. බැරි වෙලාවත් ඔයා මගේ කතාව ලියුවද කියල...පුදුමයි ! ඇත්තටම හරිම පුදුමයි ! ඔයාගේ යාලුව මුහුණ දීපු ප්‍රශ්නයටමයි මං අද මැදිවෙලා ඉන්නේ...

මොකද ආදරයෙන් බැට කාලා ජීවිතය ගැන කලකිරීමෙන් හිටපු කාලෙක (මගේ ජීවිතය අපායක් වෙලා තිබුණ කාලෙක) තමයි මටත් මගේ දිල් ව මුණ ගැහුණේ. අහම්බෙන් හරි මගේ පුංචි කහ කිරිල්ලිව මට මුණ නොගැසුණා නම් මං තාමත් ජීවිතය විඳවනවා..

අපි දෙන්නගෙම ආශාව වුණේ දෙපාර්ශවයෙම වැඩිහිටියන්ගෙ ආශිර්වාදය මැද්දෙ විවාහ වෙන එක... ඒත් .. හදිසියෙ ම අපේ පුංචි ලෝකය දෙදරවගෙන අපි දෙන්නගේ කේන්දර වල හිටිය ග්‍රහයෝ කල එළි බැස්සා... මාව බැන්දොත් එයා මැරෙයිලු.... තව කෙනෙක් කියල මං මැරෙයි කියල... තවත් කෙනෙක් කියල බැන්දොත් මාස 03 කට වඩා දීග කන්න ලැබෙන්නෙ නෑ කියල...

දැන් එයාලගෙ දෙමව්පියෝ මේක නවත්තන්න අණ කරලයි තියෙන්නේ …
එයත් හොඳට ම බය වෙලා … බය වෙල නෙවෙයි එයාව හොඳටම බය කරල ..

විශේෂයෙන් අපේ අම්මගේ ආභාශය නිසා මං කවදාවත් ඔය හඳහන් ගැන එතරම් විශ්වාස කළේ නෑ... ඒත් මං හඳහන් බැලෙව්වේ අපේ තාත්තගෙයි නැන්දලගෙයි ඕනැකමට.. අපේ පැත්තෙන් හඳහන් බලපු අය කියලා එහෙම දෙයක් නෑ... ඒත් දෙන්නගේ අදහස් ගැලපීම් අඩු නිසා ජීවත්වෙන්න වෙන්නේ අඬදබර මැද්දෙ කියල … ඒත් අපේ ගෙදර අය මගේ කැමැත්තට පිටින් නොයන බව මං දන්නවා...

මේක මහ විකාරයක් … !
මාස ගාණක අපේ ආදරය... කොහේවත් ඉන්න ග්‍රහයෙකුට පුළුවනිද නැති කරන්න..

බුදු රජාණන් වහන්සේ පවා දේශනා කරල තියෙනවනේ මේ නැකැත් තරු වලට කළ හැකි දෙයක් නෑ කියල …

මං අදහන්නේ අන්න ඒ දේයි...

මන්දා මගේ ආදරයේ අනාගතය හරිම අවිනිශ්චිත වෙලා...
මට එයා ගැන අවිශ්වාසයක් නෑ..
ඒත් එයාලගේ දෙමව්පියෝ මේකට කවදාවත් කැමැතිනොවන බව මට විශ්වාසයි..
මොක ද එයාල ග්‍රහයෝ කර පින්නගෙන ඉන්න නිසා …
ඒ ගැන හිතද්දි දැනෙන්නේ පුදුම වේදනාවක් !!!

Ashan said...

සඳුන් මලයා@ ජීවිතේ අපි හිතන දේවල් කවදාවත් ඒ විදියටම සිද්ධවෙන්නේ නැහැ, නමුත් අපේ උත්සහය අධිෂ්ඨානය තියනවනම් ඒ දේවල් ඉෂ්ඨ කරගන්න අපිට පුළුවන්!

ආදරේදි ඔය කියන ග්‍රහයො නෙමෙයි බලන්න ඕන දේන්නට දෙන්නා ගැලපෙනවද කියන මුලිකම දේ? අපේ ගොඩාක් දෙනා වරද්ද ගන්නෙත් මෙතනමයි අවුරුදු ගානක් ආදරේ කරලා අන්තිමට යනවා බුලත් අතයි පඬුරකුයි,කේන්දර කොපියයි අරං අර ජොතිෂ්‍ය වෙදී උත්තමයා(පේන කියන්නා) ළගට, ගිහින් වැදගෙන අහනවා මොකද මේ දෙන්නා ගැලපෙනවද කියලා, වැරදීමකින් හරි(සමහර වෙලාවට ඉතිං මේ අයත් කල හත ගහලානේ ඉන්නේ) කිව්වොත් ආ! මේක ගැලපෙන්නේ නැහැ මේදේ කලොත් දෙන්නගෙන් එකෙක් ඉවරයි කියලා, එහෙමත් නැත්නම් ගැලපෙන්නේ සියයට දෙක තුනක් විතරයි කියලා අපේ කට්ටියත් එතන ඉදන්ම දෙන්නගේ නොගැලපීම් හොයනවා කියවනවා බනිනවා! මේ වගේ නොයෙකුත් දේවල් කරනවා, අන්තිමට ග්‍රහයො කෙසේ වෙතත් මිනිස්සුනම් ගහ මරා ගන්න තත්ත්වෙට පත්වෙනවා...

ඇත්තටම මම දකින විදිහට ආදරේ කියන්නේ ලෝකේ තියෙන එක බලවත්ම දෙයක්(හැබැයි මේ අර අද කලේ කෙල්ලො කොල්ලෝ අතර තියෙන සීනීබෝල ආදරේ නෙමෙයි) ඔය කියන ග්‍රහයෝ දුවනවා හොද ආත්ම විශ්වාසයක් තියෙන මිනිස්සු දැකකාම.අවංකව තේරුම් අරගෙන විශ්වාසනීයව ආදරේ කරන අය දැක්කාම කේන්දරේත් ඉබේටම හැකිලෙනවා.....

සඳුන් ඔයා බුද්ධිමත් තරුණයෙක් හැටියට අවබෝධයෙන් කටයුතු කරන්න කාලය හැමදේකටම විසදුම් අරං එනවා (හැබැයි අපි උත්සහ කලොත්) ආදරය කියන්නේ මේ ලෝකෙම තියෙන වටිනාම දෙයක් කියන එක මතක තියාගන්න... ඒවාගේම දෙමව්පියන්ට මේවා අවබෝධ කරලා දෙන එක බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක් ම්... එයාල අපිට තියෙන ආදරේට තමයි මේ හැමදේම කරන්නේ කියන එක හැමදාමත් මතක තියාගන්න...

Unknown said...

මේ කේනදර නම් මහ විකාරයක් කේන්දරයක් සාමාන්‍යයෙන් හදන්නෙ උපන් වෙලාව අනුව නේ ඒ අපි කොහොම ද කියන්නෙ අපි උපන් වෙලාන හරියටම හරි කියල එතන හිටපු නර්ස් ගෙ ඔරලොසුවේ වෙලාව වැරදිනම් උපන් වෙලාවත් වැරදියි සමහර අවස්ථාවල දී කලබලය නිසා උපන් වෙලාව ලියාගන්න අමතක වෙන්න පුළුවන් පස්සෙ හිතුන වෙලාවක් දාල උප්පැන්නය ලියන්න පුළුවන් එහෙම උනොත් ....අපේ මුළු ජීවිතේම තීරණය වෙනස් වෙන්න පුළුවන් නේද ඒ නිසා මම කියන්නෙ ග්‍රහයින් ඔහේ හිටපුවාවෙ අපි අපේ ජීවත වලට වග කියා ගනිමු කියලයි.