අර්ථ රහිතයි...හෝ....!

සුවහසක් මහජනතාව වෙනුවෙන්
ඔවුනොවුන් නි‍යෝජනය කරමින්
අසමාන ලොකයේ එකඳු හෝ සමාන කමක් දක්වන
වචනයට ‍ගෝචර නොවු

මුදල නැමැති හුවමාරු ප්‍රේරකයට හසු නොවී
විරුද්ධපාර්ෂවය සමඟ එකිනෙක
ගැටීමකින් තොරව ගමන් කරන
නිර්වාණය නොහොත් අනන්තය
කරා යන උන්මාදය වලකන
රසය දන්නවුන් කිසි දින අත් නොහරින
නී රස ලෙස අර්ථවත් කරමින් අනුභව කරන
පංචවීධ ලක්ෂණයන්ගෙන්
එක්ව කැටි වු,
ශිෂ්ඨ සම්පන්න වු මිනිස් වර්ගයාම පමනක්ම නොව
අශිෂ්ඨ වුවන්ද විදින
අපිරිමිත ධෛරයෙන් රැකගෙන
අනාගතය නම් වු
මායාවට අපි රැගෙන යන
එකම සැනසීම ලෙස සොයන
ආදරය නුඹයි ..නිදිඇස
විවර නොකරන....

13 comments:

දිල් said...

අපූරු අදහසක්

Ashan said...

ස්තුතියි දිල්...

දුකා said...

wooow . .. maxa . . siraawatama . .

Raven said...

ෂ. මේක නියමයි සහෝ. දෙතුන් වරක්ම කියෙවුවා.

Ashan said...

ස්තුතියි කිව්වා දුකා ඇන්ඩ් රවීන්!

විශ්මි said...

නිර්වාණය නොහොත් අනන්තය
කරා යන උන්මාදය වලකන
රසය දන්නවුන් කිසි දින අත් නොහරින

හරිම අපූරුයි .....

බිඟූ said...

මට හරියටම ගැලපුනේ නෑ වචන ටික.
ආයේ වෙලාවක බලන්න ඕනේ.

/බිඟුවා...!

Ashan said...

තැන්ක්ස් විෂ්මි!

Ashan said...

බිගුවා@ එල එල පස්සේ ගලපලා බලන්නකො! තැන්ක්ස් බිගු!

රවා said...

නියමයි ඔයා ගොඩක් දෙවල් ලියලා තියනවා... ලස්සනයි..හැබැයි ඔය කියනදෙම තමයි සමහර අයගෙ ඇස් ඇරවන්නෙ.... එයාලා ඉට පස්සෙ ගොඩාක් දුර යනවා....

Ashan said...

ඇත්ත කතාව රවා!තැන්ක්ස්! ඒත් ඇත්තමනම් ඒ ඇස් අරින්න කවදාවත් අපිට වාසනාව නැතිව යනවා,
(නිර්වාණය අනන්තයට සමාන වෙන්නේ ඒකයි)

Unknown said...

මට හිතාගන්න බෑ මොකද්ද මේ කියන්නෙ කියල සමහරවිට අදහස ගැඹුරු වැඩි නිසා අපි වගේ අයට තේරෙන්නෙ නැතුවද මන්ද?

Ashan said...

ගැඹුරු වැඩිවෙන්නේ ගැඹුරෙන් හිතුවොත් නේ, වැඩිය හිතන්න එපා....සරලව තේරුම් ගන්න..තැන්ක්ස් කිව්වා!