පපුවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන හඩ අහල පහල උන්ට ඇසෙයිදෝ බියෙන් දෑත් බැඳගත්තෙමි, පාරක් තොටක් නැති වනයක අතරමං වු බවක් මට දැනෙන්නට විය, කෙසේ හෝ මේ දෙය අදම... ඔව්... මේ දැන්ම ඇයට කියන්නට සිත තුල දැඩි ආශාවක් හා උනන්දුවක් විය. නමුත් සියළුදේ පරයා නැගෙන බිය කෙසේවත් පැරදවිය නොහැකි විය. ජීවිතයේ පලමුවරට පරාජය භාරගන්නට සැරසෙන සෙයක් දැනෙන්නට විය, කෙමෙන් කෙමෙන් ගෙවී යන කාලය වෙනදට නැති හදිස්සියකින් දිව යන්නාසේය... ඈතින් පියාඹාගෙන යන සියොත් රංචුවක් මා සිටින බව දැන දැනම මාගෙන් බොහෝ ඈත්වී පියාසර කරන බව වුන්ට නොතේරුණද මට වැටහුනි.... පාරදිගේ ගමන් ගන්නවුන් වෙනදට වැඩිය බොහොමත්ම උවමනාවෙන් මා දෙස බලන ආකාරයක් මගේ සිත තව තවත් අපහසුතාවයට පත්කලේය... කෝ මේ මගේ ලග හිටපු එකා. ඒකත් මගෙන් ඈත්වෙලා රාජකාරියේ නිරතවෙන ගමන්ය... කරකියා ගන්නට දෙයක් නොමැති කල මගේ ඇස් මටත් හොරෙන් ප්‍රතික්‍රියා දක්වන බව මට හැඟුනි, කේසේ වත් ඒ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රථිපල අන් අයට නොපෙනෙන්න මම වගබලා ගතිමි, ගතවූයේ තවත් නිමේෂයකි....ට්‍රීං...ට්‍රීං .....ට්‍රීං ......... ඉන්ටර්වල් ඉවරයි... ළමයිගේ කෑගිහිල්ලෙන් නැවතත් පියවි ලෝකයට ආවෙමි... මොකද බං උඹ කරන්නේ හැමදාමත් ඔහොමමයි... දැන් ඉතින් වරෙන් පංතියට යමු... ඒ මගේ කල්‍යාන මිත්‍රයාය...මං වෙනුවෙන් ගුරුමණ්ඩලයම භාරගත් එකම රණවිරුවාය... හෙටද ඔහුගේ රාජකාරිය අකුරටම කරන්නට ඔහු පොරොන්දු විය... තවත් උත්සාහයක් මෙලෙස ව්‍යර්ථ විය....
සිංහල අවුරුදු චාරිත්‍ර
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ධ දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 12වෙනි සිකුරාදා අපර භාග 7.20ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13වෙනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්වභාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාල 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින අපර භාග 7.20 සිට 14 වන සෙනසුරාදා දින පුර්ව භාග 01.44 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.
ආහාර පිසීම.
අප්‍රේල් මස 13 වෙනි සිකුරාදා අපර භාග 7.42 ට සුදු මීශු ලා නිල් වස්ත්‍ර යෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද, ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලිද පිළියෙල කරගැනීම මැනවි
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වෙනි සිකුරාද අපරභාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රෙයන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15වෙනි ඉරිදා පුර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඇඹුල් පත්ද පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නනු ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සදහා පිටත්ව යෑම
අප්‍රේල් මස 16වෙනි සදුදා පුර්ව භාග 6.22 ට පලාවන් පැහැති වස්ත්‍රයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කොට බටහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.
සේවා අවශ්‍යතා සදහා පිටත්ව යෑම
අප්‍රේල් මස 16 වෙනි සදුදා පුර්ව භාග 6.31 ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක් අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වී යෑම මැනවි.
WordPress Address (URL) - වෙනස්වුනොත්....
I have installed wordpress into a separate location of my hosting service (its means I didn't use the default location to install wordpress and installed them into a new folder called home), and I changed the "WordPress Address (URL)" under general settings into my web URL by misunderstanding the instruction given by wordpress, after changed this setting I couldn't access to wordpress site even it didn't allow me to access admin page, how ever finally I could resolve it using following method
01. Log into your MYSQL database using Phpmyadmin or any other methods provided by hosting service
02. Find your database belongs to Wordpress installation.
03. Open it and trace for the table called "wp_options" and find the field " WordPress Address (URL)" and change it into previous URL (http://yoursite.com/wordpress)
04. Then save your settings and check your site back, it should work fine!
ලොව සුපතල සොයා ගැනීම්! (01 වෙනි අදියර)
ලොව සුපතල නව සොයා ගැනීම් කල වැදගත් පුද්ගලයින් සම්බන්ධව ලියැවෙන මෙම ලිපි මාලාව සියළු දෙනාටම ප්‍රයෝජනවත් වේයි කියලා හිතනවා.......
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
( Alexander Graham Bell, (1847–1922), Canada, Scotland, and U.S. – telephone )
ටෙලිග්‍රාෆ් සංකේත
සැමුවෙල් එෆ්.බි මොර්ස්(Samuel Morse, (1791–1872), U.S.)
ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක්!
නෙට් එකේ එහෙට මේහෙට යන කොට වැදගත් කියලා දෙයක් ලැබුනොත් මම ඉස්සරවෙලාම කරන්නේ ඒක මේ බ්ලොග් එකට දාගන්න එක තමයි. ඒ වගේම අදත් ෆේස් බුක් වීඩියෝස් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් සයිට් එකක් ලැබුනා ... කරන්න ඕන දේවල් ඒ සයිට් එකෙන්ම බලාගන්නකෝ...
Ampara Postal Codes
City | Postal Code |
|---|---|
| Addalaichenai | 32350 |
| Akkaraipattu | 32400 |
| Ampara | 32000 |
| Bakmitiyawa | 32024 |
| Central Camp | 32050 |
| Dadayamtalawa | 32046 |
| Damana | 32014 |
| Damanewela | 32126 |
| Deegawapiya | 32006 |
| Dehiattakandiya | 32150 |
| Devalahinda | 32038 |
| Digamadulla Weeragoda | 32008 |
| Dorakumbura | 32104 |
| Galapitagala | 32066 |
| Gonagolla | 32064 |
| Hingurana | 32010 |
| Hulannuge | 32514 |
| lmkkamam | 32450 |
| Kalmunai | 32300 |
පැන්සලෙන් නුඹව!
ඒත් ඒ එක චිත්‍රයකවත් උඹව හොයාගන්න මට බැරිවුනා
කෙන්තිය නිසාම ඉරි ඔක්කොම මකලා දැම්මා...
එතකොටයි මම දැක්කේ මැකෙන ඉරි අතරේ හිර වෙලා
උඹ දඟලන හැටි....
අන්තිමට උඹ එළියේ ඒත්,
අන්තිමට උඹ එළියේ ඒත්,
කොලේ හිස්!........
එදා මෙදා තුර!
උඹ වෙනුවෙන් මගේ අතින්
ලියැවුනු,
වචන ගාන මම ගණන් කරලා බැලුවා.
ඒත් එතන මම ලිව්ව ගානට වැඩිය තියනවා
ඒත් එතන මම ලිව්ව ගානට වැඩිය තියනවා
ඇත්ත කියපං,
මගේ අකුරු මටත් හොරෙන් උඹට මොනවද ලිව්වේ.....
වින්ඩොව්ස් 7 "Earlier Version Of Windows” ඉවත් කිරීම!
කාලයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ටිකක් විතර කල් යනවා, මම මෙහෙම කියන්නේ මේ ටිකේම වැදගත් කියලා වීශේෂ දෙයක් බ්ලොග් එකේ එල්ල ගන්න බැරිවුනා වැඩ නිසාම. ඒත් මේ ළගදී මට මුහුන දෙන්න වුනු ගැටළුවකට ලබාගත්ත විසඳුම කට්ටියත් එක්ක බේදාගන්න ඕන කියලා හිතුන නිසා මේ වෙලාවේ හරි මේක ලියනවා....
ගොඩාක් පරිගණක වල අදවෙන කොට ඕ.එස් දෙකක් 3ක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒ වගේම අපි හැමෝම වාගේ දැන් වින්ඩොව්ස් 7 භාවිතා කරනවා, අපි වින්ඩෝස් 7 එක්ක තවත් ඕ.එස් එකක් භාවිතා කරනකොට සිස්ටම් ස්ටාර්ට්අප් එකේදීම අපෙන් අහනවා මොන ඕ.එස් එකෙන්ද බූට් වෙන්න ඕනේ කියලා මේතනදී අපිට අවශ්‍ය ඕ.එස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එත් කවද හරි අපි පරණ ඕ.එස් එක ඉවත් කලත් (බොහෝ විට) සිස්ටම් ස්ටාර්ට්අප් එකේදී අපෙන් අහනවා "Earlier Version Of Windows” එහෙම නැත්නම් Windows 7 ද කියලා, මෙන්න මේක තමයි අවුල, මේකට කරන්න පුළුවන් එක විසදුමක් තමයි, මේ කියන්න හදන්නේ,
01. Windows 7 වලින් කම්පුයුටරය ඕන් කරලා කමාන්ඩ් ප්‍රොම්ට් වලට ගිහින් පහත සදහන් කමාන්ඩ් ලබාදෙන්න... (Start > Type "CMD" on search bar or Start > All Programs > Accessories > Command prompt)
ගොඩාක් පරිගණක වල අදවෙන කොට ඕ.එස් දෙකක් 3ක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒ වගේම අපි හැමෝම වාගේ දැන් වින්ඩොව්ස් 7 භාවිතා කරනවා, අපි වින්ඩෝස් 7 එක්ක තවත් ඕ.එස් එකක් භාවිතා කරනකොට සිස්ටම් ස්ටාර්ට්අප් එකේදීම අපෙන් අහනවා මොන ඕ.එස් එකෙන්ද බූට් වෙන්න ඕනේ කියලා මේතනදී අපිට අවශ්‍ය ඕ.එස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එත් කවද හරි අපි පරණ ඕ.එස් එක ඉවත් කලත් (බොහෝ විට) සිස්ටම් ස්ටාර්ට්අප් එකේදී අපෙන් අහනවා "Earlier Version Of Windows” එහෙම නැත්නම් Windows 7 ද කියලා, මෙන්න මේක තමයි අවුල, මේකට කරන්න පුළුවන් එක විසදුමක් තමයි, මේ කියන්න හදන්නේ,
01. Windows 7 වලින් කම්පුයුටරය ඕන් කරලා කමාන්ඩ් ප්‍රොම්ට් වලට ගිහින් පහත සදහන් කමාන්ඩ් ලබාදෙන්න... (Start > Type "CMD" on search bar or Start > All Programs > Accessories > Command prompt)
02. මේ කමාන්ඩ් ටයිප් කරද්දි අනිවාර්යෙන්ම ඇඩ්මින් රයිට්ස් තියෙන Account එකක් භාවිතා කරන්න.
03. කමාන්ඩ් වින්ඩෝ එකේ “bcdedit” කියලා ටයිප් කරලා එන්ටර් කරන්න (as Administrator)
04. දැන් වින්ඩෝස් බූට් මැනේජර් වල රෙජිස්ටර් වෙලා තියෙන ඕ.එස් ලිස්ට් එක දකින්න පුළුවන්. මෙතනින් අපි අදාල නොවන ලිස්ට් එක අයින් කරන්න ඔන ඒ සදහා පහත ආකාරයට විධානයන් ලබා දෙන්න,
05. bcdedit /delete {ntldr} /f එන්ටර් කරන්න, එවිට මේ විදිහේ මැසේජ් එකක් දිස් වේවි “The operation completed successfully” දැන් මැෂින් එක restart කරන්න,
සැ.යු, මට ඇති වු ගැටළුව සාර්ථකව විසදා ගැනීමට මෙමගින් හැකි විය, වෙන යම් ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් විදිහට එල්ලන්න
Subscribe to:
Posts (Atom)










