WiFi hot spot with Your Laptop to serve internet for Android WiFi Device too (Laptop එකෙන් වයිෆයි hot spot එකක්-ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් සඳහා) -දෙවන කොටස

             මීට කලින් ලියන ලද ලිපියෙහි සංස්කරණයක් ලෙස මේහෙම ලියන්න හේතු වුනේ, පහු ගිය ලිපියේ අපි සකස් කල ad hoc නෙට්වර්ක් එක මාර්ගයෙන් ඇන්රොයිඩ් සහිත උපාංග වලට අන්තර්ජාල පහසුකම් ලබාගත නොහැකි වුනා. නමුත් මට ඒ බව සඳහන් කිරීමට නොහැකි වූයේ...මා සතුව ඇන්රොයිඩ් උපකරණයක් නොමැති වීමය. ...:අන්තර්ජාලයේ හර්ෂගේ සටහන: මගින් කරනු ලැබූ දැනුම් දීමක් නිසාම මා මේ සම්බන්ධව නැවත වරක් පරීක්ෂා කරනු ලැබුවා....ඔහු විසින් ඊට අදාල සටහන ඔහුගේ බ්ලොගයේද සටහන් කර ඇති අතර සියළු දෙනාගේ ප්‍රයෝජනය උදෙසා උපුටා ගැනීමකින් තොරව දක්වමි....

මුලින්ම Start ---> All Programs ---> Accessories --> cmd මත රයිට් ක්ලික් කර Run as Administrator ලෙස ලබාදෙන්න.


පහත සඳහන් කමාන්ඩ් එක ඩොස් වල ටයිප් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. (press your Enter button after type this command)

netsh wlan set hostednetwork mode=allow ssid=NAME(any name) key=PASSWORD(your password)

NAME = වයිෆයි නෙට්වර්ක් එකට ඔබට ලබා දීමට හැගෙන නාමට
PASSWORD = තමන් කැමති පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. අඩුම තරමින් කැරැක්ටර්ස් 8 ක්වත් තිබිය යුතුය)

විනාඩියක් ඇතුලත වගේ මේ කමාන්ඩ් එක සම්පුර්ණ වෙලා පහලින් තියෙන තොරතුරු ටික ලැබේවි
නැවත වතාවක් netsh wlan start hostednetwork ටයිප් කර එන්ටර් කරන්න. මේ අවස්ථාවේදී වයිෆයි කනෙක්ෂන් එක හරහා බ්‍රෝට්කාස්ට් කිරීම ආරම්භ කරයි. ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් මඟින් දැන් මෙම වයර්ලස් කනෙක්ෂන් එක පෙන්නුම් කරයි. අවසාන වශයෙන් දැන් මේ සදහා අන්තර්ජාලය ලබාගන්නා (ලැප්ටොප් පරිගණකය) කනෙක්ෂන් එක ෂේයාර් කල යුතුය 
මේ සඳහා නෙට්වර්ක් කනෙක්ෂන්ස් ඔපන් කර. අදාල Local Area Network Connection එක ඩබල් ක්ලික් කරන්න.
එහි Properties වලට පිවිසෙන්න 
එහි Sharing tab හි Allow other network users to connect through this computer's Internet Connection යන්න සිලෙක්ට් කරන්න.
Home networking connection ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් අපි නිර්මාණය කල වයර්ලස් කනෙක්ෂන් එක සිලෙක් කරන්න (බොහෝ විට මෙය Wireless Network Connection 2 ලෙස ලැබේ)
 අවසාන වශයෙන් OK button click කර අනෙකුත සියළුම ඩයලොග් බොක්ස් වසාදමන්න. දැන් ඔබට පුළුවන් ඕනෑම ඇන්ඩ්රොයිඩ් මොබයිල් ඩිවයිස් එකක් මේ වයර්ලස් නෙට්වර්ක් එක හරහා භාවිතා කරන්න..




3 comments:

Rakhitha said...

Here are couple of software which allow you to do this without using command prompt in case your are not a big fan of command prompt.


http://virtualrouter.codeplex.com/
http://seventhgate.codeplex.com/

Ashan said...

Rakhitha:- Thanks for your contribution.

Unknown said...

meka mata nam godak wadagath una. thanks saho